ඉන්දියානු සාගරය ජාත්‍යන්තර වෙළදාම හා ප්‍රවාහනයේ වැදගත් ජීවන මාර්ගයක්. - විදේශ ලේකම්

ලෝකයේ බහාලුම් නැව්වලින් අඩක් හා, ලෝකයේ තොග භාණ්ඩ ප්‍රවාහනයෙන් තුනෙන් එකක් මෙන්ම ලෝකයේ තෙල් නැව්ගත කිරීම්වලින් තුනෙන් දෙකක් රැගෙන යන ප්‍රධාන මුහුදු මංතීරු පාලනය කරන ඉන්දියානු සාගරය , ජාත්‍යන්තර වෙළඳාම හා ප්‍රවාහනය සඳහා වැදගත් ජීවන මාර්ගයක් බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.

විදේශ ලේකම්වරයා මේ බව සඳහන් කෙළේ මෑතක දී ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ දී පැවැති ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම (WGMSS) සමඟ අන්‍යෝන්‍ය අවබෝධය නංවාලීම සඳහා වූ ජාලකරණ රැස්වීමකට සහභාගි වෙමිනි. ඉන්දියන් සාගරයේ සංවර්ධනය සඳහා ඉන්දියානු සාගර කලාපය තුළ සහයෝගීතාවයේ වැදගත්කම අවබෝධ කර ගනිමින්, 1997 වසරේ දී ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය (IORA) පිහිටුවන ලදී. ශ්‍රී ලංකාව එහි ආරම්භක සාමාජිකයෙකි. 2011 වසරේ දී සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය (MSS), එහි ප්‍රමුඛතම අවධානය යොමුවිය යුතු ක්ෂේත්‍රය ලෙස IORA විසින් නම් කරන ලදී.

රැස්වීම අමතමින් විදේශ ලේකම්වරයා, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ නායකත්වය පිළිබඳ සමස්ත වගකීම්වල කොටසක් ලෙස, සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ කලාපීය සහයෝගීතාවය තුළින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරය සහ ඒ සඳහා දායක විය හැකි ආකාරය සොයා බැලීම පිණිස, සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ වැඩමුළු/සම්මන්ත්‍රණ මාලාවක් දේශීය සහ කලාපීය වශයෙන් සංවිධානය කිරීම සඳහා ඒ පිළිබඳව කටයුතු කරන සමාන අදහස් ඇති පුද්ගලයින් එක්රැස් කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව සඳහන් කළේය.

මෙම ජාලකරණ රැස්වීම පවත්වන ලද්දේ, IORA සාමාජික රටවල් තුළ සහ සාමාජික රටවල් හරහා සෞඛ්‍ය සම්පන්න සාකච්ඡා උත්තේජනය කරන ක්‍රියාවලියක් ආරම්භ කරමින්, කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ විශේෂඥයින් පිළබඳ පුළුල් දත්ත පදනමක් නිර්මාණය කිරීම සහ සාමාජික රටවල් අතර අත්දැකීම් හා විශේෂඥ දැනුම බෙදාහදා ගැනීම සඳහා වූ ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා වන බව ඔහු වැඩිදුරටත් පැවසීය

2021 අග භාගයේ දී ශ්‍රී ලංකාව IORA හි උප සභාපති ධුරයට පත්වන බවත්, ඉන් අනතුරුව 2023 සිට 2025 දක්වා ධුර කාලය සඳහා එහි සභාපතිත්වයට පත්වන බවත් මෙම අවස්ථාවේ දී විදේශ ලේකම්වරයා සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ සහෝදරත්වය වෙත දන්වා සිටියේය.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ නායකත්වය දරන ශ්‍රී ලංකාවේ වගකීම් ඉටු කිරීම ඇතුළුව, සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ක්‍රියාකාරකම් සඳහා සහයෝගය දැක්වීම පිළිබඳව ඔහු කොළඹ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයට (UNODC) සහ ජර්මානු තින්ක් ටෑන්ක් මැක්ස් ප්ලෑන්ක් පදනමට සිය ස්තූතිය පුද කළේය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඉන්දියානු සාගරය ජාත්‍යන්තර වෙළදාම හා ප්‍රවාහනයේ වැදගත් ජීවන මාර්ගයක්. - විදේශ ලේකම්
ඉන්දියානු සාගරය ජාත්‍යන්තර වෙළදාම හා ප්‍රවාහනයේ වැදගත් ජීවන මාර්ගයක්. - විදේශ ලේකම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBHXt4ym-uXJKx5OLfBG6H3ljJsQEy5LoYmiRZzHTaTOfAqX5deDZXrAkjZhRnlzWZYtosh8zDZrCXsyyirmpH0GLnWKyxlayFJjPPfmga553GJO6NcXYiLp0_4S3Bapsp46nVCTv5OYc/s16000/Image-Top-Layout+%25281%2529+-+2021-02-04T102613.884.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBHXt4ym-uXJKx5OLfBG6H3ljJsQEy5LoYmiRZzHTaTOfAqX5deDZXrAkjZhRnlzWZYtosh8zDZrCXsyyirmpH0GLnWKyxlayFJjPPfmga553GJO6NcXYiLp0_4S3Bapsp46nVCTv5OYc/s72-c/Image-Top-Layout+%25281%2529+-+2021-02-04T102613.884.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/Indian-ocean-is-Important-path-for-trade.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/Indian-ocean-is-Important-path-for-trade.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content