Header Ads

උණුසුම් පුවත්

කිරි ගොවි ණය මුදල රු.ලක්ෂ 10ක් දක්වා වැඩිකිරීමට අගමැතිගෙන් උපදෙස්


කිරි ගොවින් සඳහා අය-වැයෙන් යෝජනා කළ රුපියල් ලක්ෂ 5ක ණය මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩිකරන්නැයි මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  උපදෙස් ලබාදී තිබෙනවා.

අය-වැය යෝජනා අනුව ක්‍රියාත්මක ව්‍යාපෘති හා ජනතා සහන පිළිබඳ අවධානය යොමු කරමින් මුදල් අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

ඒ අනුව ඉදිරි සතියේ සිට කිරි ගොවීන් සඳහා ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කරගැනීමට සියයට 4 පොලියට රුපියල් ලක්ෂ දහයක් දක්වා ණය ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත.

අය-වැය යෝජනා අනුව දැන ක්‍රියාත්මක ණය සහන සම්බන්ධයෙන් මෙම හමුවේදී මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පැහැදිලි කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන අජිත් නිවාඩ් කබ්රාල්, ශෙහාන් සේමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් අටිගල මහත්වරු ඇතුළු මුදල්අ මාත්‍යංශයේ සියලුම ආයතන ප්‍රධානීන් ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.