Header Ads

උණුසුම් පුවත්

කුකුළු මස් කඩේ 13දෙනෙකුට කොවිඩ්



වෙන්නප්පුව – නයිනමඩම ප්‍රදේශයේ පවත්වාගෙන යන කුකුළු මස් සැකසුම් ආයතනයකින් කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

පසුගිය 16 වැනිදා ලැබී ඇති පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව නව ආසාදිතයන් හඳුනාගෙන ඇත. හඳුනාගෙන ඇති ආසාදිතයන් සියලුදෙනා වෙන්නප්පුව අවට පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

එම ආයතනය තුළින්ම මීට පෙර කොරෝනා ආසාදිතයන් 17 දෙනකු වාර්තා වී තිබිණි.