Header Ads

උණුසුම් පුවත්

හෙරොයින් සමග කාන්තාවක් මාට්ටු


හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

පෑලියගොඩ පොලිස් වසමේ නුගේපාර ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 625ක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඇය කොම්පඤ්ඤවීදීය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකි.

සැකකාරිය අද (18) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.