Header Ads

උණුසුම් පුවත්

නාකොටික් නිලධාරීන් ඇතුලු 17 දෙනා ලබන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට හෙලිවූ පොලිස් මත්ද්‍රව්‍යනාශක  කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 17 දෙනෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා එම නියෝගය කළේය.

දැනට අත්අඩංගුවේ පසුවන මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් විදේශවල සිට මුහුදු මාර්ගයෙන් ගෙන්වන මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කළේ යැයි කියනු ලබන බෝට්ටුකරුවන් තුන්දෙනෙකු මහෙස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් බව මීට පෙර අධිකරණය හමුවේ දැනුම් දී තිබුණි.

රිමාන්ඩ් භාරයේ පසුවන එම සැකකරුවන් තුන්දෙනා පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කර එහි වාර්තාව ලැබුණු දිනට පසුදා  ප්‍රකාශ ලබාදීම සඳහා අදාළ සැකකරුවන් අධිකරණය  හමුවට ඉදිරිපත්කරන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය