Header Ads

උණුසුම් පුවත්

මහාචාර්ය චන්න ජයසුමන වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි


ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩබලන සෞඛ්‍ය කැබිනට් ඇමැති ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කරනු ලැබ සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ අතර රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්කර තිබේ.

ඔහු මීටපෙර ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවීය.

රණසිංහ මහතා ද අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය.