නව සූර්ය විදුලි බලාගාර 20ක් තුලින් ජාතික විදුලියට මෙගාවොට් 150ක්


සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තීන්ගේ දායකත්වය වර්ධනය කිරීමේ අරමුණෙන්, දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇති ග්‍රිඩ් උපපොල 20 ක් කේන්ද්‍ර කරගනිමින්, නව සූර්ය විදුලි බලාගාර 20 ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් වී ඇතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මේ අනුව එක් පැකේජයකට ප්‍රදේශ 04 ක් බැගින් අයත් වූ පැකේජයන් 5ක් යටතේ මෙම සූර්ය විදුලි බලාගාර ඉදිකිරීමට යෝජිතය. ඒ අනුව A පැකේජය යටතේ අනුරාධපුර, මාදම්පේ, වව්නතිව්, අතුරුගිරිය, බෙලිඅත්ත යන ප්‍රදේශයන්ගේද, B පැකේජය යටතේ බෙලිඅත්ත, හොරණ, පොලොන්නරුව, හබරණ යන ප්‍රදේශයන්ගේද, C පැකේජය යටතේ මාතර, ගාල්ල, මහියංගණය, වේයන්ගොඩ යන ප්‍රදේශයන්ගේද, D පැකේජය යටතේ අම්පාර, දෙනියාය, කොස්ගම, මතුගම ප්‍රදේශයන්ගේද, E පැකේජය යටතේ පන්නල, මහව, කුරුණැගල, කොළොන්නාව යන ප්‍රදේශයන්ගේද මෙම විදුලි බලාගාර ස්ථාපිත කිරීමට යෝජිතය. එම ව්‍යාපෘතීන් වෙනුවෙන් මේ වනවිට ජාත්‍යන්තර තරඟකාරි ලංසු ක්‍රමය අනුව ප්‍රසම්පාදන කටයුතු සිදුකර තිබේ. ලංසු ඇගයීම වෙනුවෙන් රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුවක් සහ තාක්ෂණික ඇගයිම් කමිටු පහක් පත් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කර ඇති මිල නියම කිරීමේ කමිටුව විසින් ප්‍රසම්පාදනය යටතේ විදුලි ජනන ඒකකයක ඉහළම මිල තීරණය කර ඇති අතර තාක්ෂණික ඇගයීම් කමිටු ඉදිරිපත් කල නිර්දේශ මත මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ප්‍රතිචාරාත්මක අවම මිල ගණන් දක්වන ලද ලංසුකරුවන් වෙත ටෙන්ඩර් ප්‍රදානය කිරීමට අනුමත කර ඇත.

මෙම බලාගාර ඉදිකිරීම තුළින් ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියෙන් විශාල දායකත්වයක් හිමිවන අතර වසර 2023 වනවිට එම දායකත්වය 70% ක සීමාවට ගෙනඒමේ ඉලක්ක සපුරා ගතහැකි බවද විදුලිබල අමාත්‍යවරයා පවසයි. එසේම ජනතාවට ස්ථිරසාර, ගුණාත්මක, අඛණ්ඩ මෙන්ම මිල අවම විදුලිබල සැපයුමක් ලබාදීම විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමාගේ ද, සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ද සතු වගකීමක් සහ යුතුකමක් වන බව පවසන ඩලස් අලහප්පෙරුම මහතා, මෙවැනි පුනර්ජනනීය විදුලි උත්පාදනයන් තුළින් ජනතාවට වඩාත් සහනදායි සේවාවක් ලබාදීමට හැකිවනු ඇතැයිද පවසයි.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: නව සූර්ය විදුලි බලාගාර 20ක් තුලින් ජාතික විදුලියට මෙගාවොට් 150ක්
නව සූර්ය විදුලි බලාගාර 20ක් තුලින් ජාතික විදුලියට මෙගාවොට් 150ක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_H8ESl4L4GD4TyfK4-g4Ggqz2R6wW0Qrixwe1QIAykYSO-cVcLl_m6OIGjyU1oBt9cvM1KM26S0QtRIcZR9xxz3RiXmIMfbJv_qvVsJ5t6qM-60UKCOcXKZke05B5d730D44AVQgT-io/s16000/dullas-alahapperuma.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_H8ESl4L4GD4TyfK4-g4Ggqz2R6wW0Qrixwe1QIAykYSO-cVcLl_m6OIGjyU1oBt9cvM1KM26S0QtRIcZR9xxz3RiXmIMfbJv_qvVsJ5t6qM-60UKCOcXKZke05B5d730D44AVQgT-io/s72-c/dullas-alahapperuma.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/20-150.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/20-150.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content