Header Ads

උණුසුම් පුවත්

ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස්

ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ජීවිතක්ෂයට පත්වූවන් අතර යතුරුපැදිකරුවන් 5 දෙනෙකු  වන බවයි.

දිනකට රිය අනතුරුවලින් පුදගලයින් 11 ක් මිය යාම සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යාමක් බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මේ දිනවල දිවයින පුරා දෛනිකව රිය අනතුරු 120ක් පමණ සිදුවන බවයි.

අධික වේගය, බීමතින් රිය ධාවනය කිරීම සහ මාර්ග සංඥා පිළි නොපැඳීම බොහෝ රිය අනතුරුවලට හේතු වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.