Header Ads

උණුසුම් පුවත්

මුහුදු රළ ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්


මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.0 ත් 2.5 ත් පමණ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් සහ එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්භාවයක් ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඒ අනුව ධීවර සහ නාවික ප්‍රජාව මෙන්ම වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.