ප්ලාස්ටික් නියාමනයට අදාළව අංක 2211/51 2021 ජනවාරි මස 21 දින දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු මස 31 වන දින සිට ක්‍රියාත්මක කෙරෙනවා. තවද යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පහත දක්වා ඇති නිශ්චිත ප්ලාස්ටික් අයිතම පාවිච්චි කිරීම තහනම් කර තිබෙනවා.
1.ශුද්ධ පරිමාව මි-ලී 20ට / ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු සැෂේ (Sachet) (ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට භාවිතා කිරීම සඳහා හැර)
2. හුළං වලින් පිරවිය හැකි සෙල්ලම් බඩු – (බැලුන්, බෝල, දිය මත පාවෙන/ පිහිනුම් තටාකවල දී භාවිත කරන සෙල්ලම් බඩු සහ ජල ක්‍රීඩා උපකරණ හැර)
3. ප්ලාස්ටික් කූර (Stem) සහිත කොට්න් බඩ්ස් (Cotton Buds) (වෛද්‍ය / සායනික ප්‍රතිකාර සඳහා භාවිත කරන ප්ලාස්ටික් කොට්න් බඩ්ස් හැර) පාවිච්චි කිරීම තහනම් වේ.
ඒ අනුව, යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කෘෂිරසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලිඑතිලීන් ටෙරප්තැලේට් (PET) හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) ද්‍රව්‍ය සඳහා එම තහනම ක්‍රියාත්මක කර තිබේ.




