Header Ads

උණුසුම් පුවත්

කොවිඩ් ආසාදිත මාස 03 ක බිලිඳෙක් ඇතුළු 14 දෙනෙකු අඹගමුවෙන් වාර්තා වෙයි

අඹගමුව සෞඛය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වූ අසාදිතයන් 14 දෙනෙකු හමු වු බවත්, ඒ අතර මාස තුනක බිලින්දෙකුද සිටින බවත් සෞඛ්‍ය අංශ නිලධාරින් පැවසුවා.

ගිනිගත්හේන පොලිස් වසමට අයත් කෙනිල් වත්තෙන් අසාදිතයන් පස් දෙනෙකු , කැටවල ගෝනාවල ප්‍රදේශයෙන් අසාදිතයන් තුන් දෙනෙක් , ගිනිගත්හේන හත්ලා ප්‍රදේශයෙන් එක්අසාදිතයෙක් සහ රංජුරාව ප්‍රදේශයෙන් අසාදිතයන් හතර දෙනෙකු සිටින බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක ආශ්‍රිතයන් වු අසාදිතයන් 14 දෙනා ස්වයං නිරෝධානයට යොමු කර සිදු කළ PCR පරික්ෂණ වාර්තාව අනුව ඔහුන්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කරන බවත්, ඔහුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කරන බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසුවා