Header Ads

උණුසුම් පුවත්

කොළඹ, හලාවත ප්‍රධාන මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසෙයි – විකල්ප මාර්ග මෙන්න


කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයේ මීගමුව ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගය කොටස ලබන සෙනසුරාදා (06) උදාසන 6සිට ඉරිදා (07) සවස 6වන තෙක් වසා තැබෙන බව පොලිසිය දැනුම් දෙනවා.

මීගමුව ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදුකරන අලුත්වැඩියාවක් මීට හේතුව බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

මේ හේතුවෙන් ලබන සෙනසුරාදා සහ ඉරිදා දින විකල්ප මාර්ග භාවිත කරන ලෙස කොළඹ හලාවත ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කරනවා.