හිටපු බ්‍රිතාන්‍ය යුද හමුදා නිලධාරියෙකු වන කපිතාන් ටොම් මෝර් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අභාවප්ප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 100ක් වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
පළමු කොවිඩ් රැල්ලත් සමග බ්‍රිතාන්‍යය සෞඛ්‍ය සේවකයින්ගේ සුභසාදනය වෙනුවෙන් ඔහු සිය නිවසේ පිහිටි ගෙවත්තේ ඇවිදිමින් ඩොලර් මිලියන 20 කට අධික සංඛ්‍යාවක් එක් රැස් කර දීමට සමත් වුවා. ඒ ඔහුගේ 100 වන උපන් දිනයට සති කිහිපයක්ව තිබියදීයී.
මිට දින කිහිපයකට පෙර ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසා රෝහල් ගත කර සිටියදී ඔහු ජිවිත ගමනට සමුදුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර කපිතාන් ටොම් මෝර් ගේ අභාවය වෙනුවෙන් එංගලන්තයේ දෙවන එළිසබෙත් මහ රැජිණ සිය ශෝකය පළ කරමින් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.
ඔහු දෙවන එලිසබෙත් මහ රැජිණ විසින් නයිට් නාමයෙන් පුදනු ලැබූ පුද්ගලයෙක්ද වනවා.