අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 250 සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
වයස අවුරුදු 44ක් වන ඇය කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
අත්අඩංගුවට පත් සැකකාරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් මිලදී ගත් ලක්ෂ 500 ක අධික සුඛෝපභෝගී ජිප් රථයක්, වෑන් රථ දෙකක් හා මොටර් රථයක් සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කළා.
එම මෝටර් රථ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ඇති.
අත්අඩංගුවට පත් සැකකාරිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කළා.




