Header Ads

උණුසුම් පුවත්

දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට විකල්පයක් නෙමෙයි- අධ්‍යාපන අමාත්‍ය


දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට කිසිසේත් විකල්පයක් නොවෙයි. නමුත් දුරස්ථ අධ්‍යාපනය නිසා ඇති වී තිබෙන ආකල්පමය වෙනස අපිට ඉතා ම වැදගත්. ඩිජිටල් පුස්තකාලය ද මේ සමඟ පැමිණීම අතිශයින් ම වැදගත් දෙයක් ලෙස තමා දකින බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා‍ මේ බැව් පැවසූයේ 17වන දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලයේ දී පැවති ‘ඩිජිටල් පුස්තකාලය’ සහ එහි වෙබ් අඩවිය දියත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.