පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන් 03 දෙනෙකුට එරෙහිව ගොණු කර ඇති චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ අමෙරිකානු නීති දෙපාර්තමේන්තුව සාකච්ඡා කර තිබෙනවා.
අයි එස් සංවිධානයටද සම්බන්ධ බව කියන මොවුන් 03 දෙනාට එරෙහිව ලොස් ඇන්ජලීස් නුවර දිස්ත්‍රික් අධිකරණයක් හමුවේ අපරාධ චෝදනා ගොණු කෙරුණේ පසුගිය දෙසැම්බර් 11 වනදායි.
ඒ වසර එකහාමාරකට ආසන්න කාලයක් එෆ් බී අයි ආයතනය විසින් සිදුකල විමර්ශනයකින් අනතුරුවයි.
ට්විටර් සටහනක් තබමින් වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කලේ තානාපති රවිනාථ ආරියසිංහ මහතා සහ අමෙරිකා නීති දෙපාර්තමේන්තු නිළධාරීන් අතර පැවති සාකච්ඡාවේදී එරට එල් ටී ටී ඊ හිතවාදී ක්‍රියාකාරකම් ඉහළයාම සම්බන්ධයෙන්ද අවධානය යොමුවී ඇති බවයි.