Header Ads

උණුසුම් පුවත්

පන්නල පාසල් සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් – දෙදෙනෙක් රෝහලට


පන්නල ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ.

ඔවුන් මේ වනවිට දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

ගැටුමෙන් එක් සිසුවෙකුගේ පාදයකට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර අනෙක් සිසුවා සුළු තුවාල ලබා ඇත.

ඔවුන් 12වන හා 13වන ශ්‍රේණිවල ඉගනුම ලබන සිසුන්ය.

පාසලට ජංගම දුරකතනයක් රැගෙන ඒමේ සිද්ධියක් ගැටුමට මුල්ව ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.