Header Ads

උණුසුම් පුවත්

සියලු ජාතීන් ලාංකිකයින් ලෙස ජීවත් විය යුතුයි

සංස්කෘතිකමය වශයෙන් වෙනස්වීම් තිබුණද රටේ සියලු ජාතීන් ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව ජීවත්වීම වැදගත් බව කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

අපිට අපි පිළිබඳ ආත්ම විශ්වාසයක්, අනෝන්‍ය අවබෝධයක්, එකිනෙකා පිළිබඳ විශ්වාසයක් තිබේ නම් සාමය, එකමුතුකම හා සහෝදරත්වය අපට ගොඩනාගැනීමට හැකි බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අන්තවාදීන් කිහිපදෙනෙක් හැම කොටසකම සිටින නමුත් ඔවුන්ට ඕන විදියට ජීවත් විය නොහැකි බව අමාත්‍යවරයා සඳහන් කරයි.

විවිධ ජාතීන්ට අයත් වුවත් සියලුදෙනාම මනුෂ්‍යත්වය හා ශ්‍රී ලාංකීකත්වය යැයි ද එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.