Header Ads

උණුසුම් පුවත්

පාක් ඇන්ඩ් රයිඩ් – සිටි බස් සේවාව කොළඹ දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කෙරේ

පාක් ඇන්ඩ් රයිඩ් – සිටි බස් සේවාව ඉදිරි මාස දෙක තුළ කොළඹ දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා.

නාගරික වාහන තදබදයට විසඳුමක් ලෙස ආරම්භ කළ එම සේවාව මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කළේ.

පිරිවැය පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් මේ වනවිටත් ලංගමය උපයන බව ද සභාපතිවරයා සඳහන් කළා