Header Ads

උණුසුම් පුවත්

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක් - ඡායාරූප සහිතයි


ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු සහ 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත භාර දුන් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

ඒ අනුව ඔවුන් විසින් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

මෙම වාර්තාවේ අන්තර්ගත කරුණු එකග වූ පරිදි නොව ඒකපාර්ශවීය තීරණ මත සකස්කළ කරුණු බවයි සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ.

අදාළ කරුණු සම්බන්ධයෙන් නිසි විසදුමක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ලබා නොදුනහොත් විරෝධතාව ඉදිරියට පවත්වාගෙන යන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.