2017 වසරේ පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර පොලිසියේ ඉන්දීය ශාඛාව විසින් මෙරට ඉන්ටර්පෝල් ශාඛාවට ඊයේ දිනයේදී නිල වශයෙන් ඒ පිළිබඳව දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
2017 වසරේ මැයි 9 වන දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් පිළියන්දල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණා.
එහිදී පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලබා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු දෙදෙනෙකු තුවාල ලැබුවා.
එමෙන්ම එම සිද්ධියෙන් දරුවන් දෙදෙනකු තුවාල ලැබු අතර පසුව රෝහල්ගත කර සිටිය දී 11 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්වුණා.
එම සිදුවීමේ දී පොලිස් ඔත්තුකරුවෙකු ලෙස පෙනී සිටිමින් එම අපරාධය සිදුකළ පුද්ගලයෙකු ලෙසයි මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් නැමැත්තා හඳුනාගෙන තබුණේ.
ඉන්දියාවට පළගොස් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා උදර්පණ නීතිය යටතේ පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.