එන්නත්කරණ කටයුතු සිදුකරනු ලැබූ ප්‍රදේශවල එන්නත ලබා නොගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එළඹෙන සතිඅන්තයේ එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ අතර කොවිඩ් එන්නත් ලබාදීමේ කටයුතු අද (18) දිනයේ දීත් සිදුකරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේය.
තෝරාගත් ග්‍රාමසේවා වසම් සඳහා ඊයේ දිනයේ දී එන්නත්කරණය ආරම්භ කළ ද ස්ථාන කිහිපයක පමණක් ජනතා සහභාගීත්වයේ අඩුවක් පැවති බව ද මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
ඒ හේතුව මත අද දිනයේ දීත් වයස අවුරුදු 30 ත් - 60ත් අතර කණ්ඩයේ සියලුදෙනාට එන්නත් ලබාගත හැකි බව ද පැවසු අමාත්‍යවරයා කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන හා හංවැල්ල යන ප්‍රදේශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත, බණ්ඩාරගම, පානදුර, හොරණ හා මතුගම හා ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, මීරිගම, රාගම, ජා-ඇල, කැලණිය, කටාන දිවුලපිටිය හා දොම්පේ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ආවරණය වන පරිදි තෝරාගත් ග්‍රාමසේවා නිලධාරි වසම්වල එන්නත්කරණය සිදුකරන බවත් සඳහන් කළේය.