Header Ads

උණුසුම් පුවත්

වවුනියාවේ කැලෑවක මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක්



වවුනියාව, සෙට්ටිකුලම, සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබු මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොදාගන්නා ඇදුම් කට්ටල දෙකක් සොයාගත් බව පොලීසිය පවසයි. 

ලද බුද්ධි තොරතුරක් මත මෙම සඟවා තිබු මරාගෙන මැරෙන ඇදුම් කට්ටල දෙක සොයාගත් බව සෙට්ටිකුලම පොලීසිය සඳහන් කළේය.

ඉන් එකක් කිලෝග්‍රෑම් දෙකහාමාරක පමණ බරකින් යුතු පුපුරණ ද්‍රව්‍යවලින් සමන්විත වේ.

සොයාගත් එම මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලවල පුපුරණ ද්‍රව්‍ය වර්තමානයේදී ද ජීව තත්ත්වයේ පවතින අතර, පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත නිෂ්ක්‍රිය කිරීමට නියමිතය.