දුම්කොළ හා මද්‍යසාර භාවිතය හේතුවෙන් මෙරටදී දිනකට පුද්ගලයන් 110 දෙනකු මිය යන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති සමාධි රාජපක්ෂ පවසයි. මේ අතරින් මරණ හැටක්ම වාර්තා වන්නේ දුම්කොළ සැපීම හේතුවෙන් ඇතිවන රෝගාබාධවලිනි. මේ වන විට අවුරුදු 15-24ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණයන් වැඩි පිරිසක් දුම්කොළ හා මද්‍යසාරවල ගොදුරු බවට පත්ව තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර හා ගාල්ල යන දිස්ත්‍රික්කවලිනි.
එසේම සෑම වසරදීම දුම්කොළ හා මද්‍යසාර භාවිතය හේතුවෙන් ලෝකයේ මිලියන අටක පිරිසක් මියයන බවත් සෑම තත්පර හතරකදීම දුම්කොළ නිෂ්පාදන භාවිතය හේතුවෙන් පුද්ගල මරණ හතරක් සිදුවන බවත් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.