ජේසුස් වහන්සේගේ කුරුසියේ දිවි පිදීම සිහිකෙරෙන සමය ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ, කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ ඊයේ (17 වැනිදා) පැවැති අළු බදාදා දේවමෙහෙයේදී මේ බව පැවැසූහ.
මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මෙහිදී පවසා සිටියේ ඊයේ (17 වැනිදා) දිනයේ ආරම්භ වූ චතාරික කාලය පාස්කු ප්‍රහාරයෙන් මරණයට පත්වූ පුද්ගලයන්ට ඉටුවිය යුතු සාධාරණය ඉටුවේවායි යාඥා කිරීමට යොදා ගන්නා ලෙස සියලු කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
මෙම ප්‍රහාරය සංවිධානාත්මකව සිදුකළ බවට මේ වන විට ඔප්පු වී ඇතැයිද මෙය පිටුපස මෙරටේ සහ වෙනත් රටවල කණ්ඩායම් සිටින බවද උන්වහන්සේ පැවැසූහ. කාදිනල් හිමිපාණන් පවසා සිටියේ ජාත්‍යන්තර බලවේගවලට ශ්‍රී ලංකාවේ ප්‍රශ්න විසඳීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවයි.
මෙම ප්‍රහාරය සිදුකළ පුද්ගලයන්ට දඬුවම් ලබාදීම ජාතික වගකීමක් බවත් වෙනත් ආගම්වල පිරිස් එකට එක්වී මේ වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිටිය යුතු බවත්, සියලු ආගම් අතර සමගිය සහජීවනය රැකගන්නා නව සංස්කෘතියක් මෙරටේ නිර්මාණය කළ යුතු බවද උන්වහන්සේ අළු බදාදා දිනයේදී තවදුරටත් කියා සිටියහ.