Header Ads

උණුසුම් පුවත්

ගාල්ල විදුලි අධිකාරිවරයාට පහරදීමට සැකපිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

 


ගාල්ල විදුලි අධිකාරිවරයාට පහරදීම සම්බන්ධයෙන් සැකපිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වඳුරඹ පොලිසිය පැවසුවේ 37 හැවිරිදි බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකාර මන්ත්‍රීවරයා මීට පෙර ද තවත් පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන්ද පැමිණිලි 2 ක් ලැබී ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.