Header Ads

උණුසුම් පුවත්

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18ක ජල කප්පාදුවක්

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට (08) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ, හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.

මේ අනුව හෙට පස්වරු 10.00 සිට අඟහරුවාදා (09) පස්වරු 04.00 දක්වා හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදුව මරදාන පාර, ඇලකන්ද යන ප්‍රදේශවලට සහ හැඳල පාරේ කොටසකට ජල සැපයුම් අත්හිටුවනු ලබනවා.