Header Ads

උණුසුම් පුවත්

දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද වෘත්තීය ක්‍රියාමාර්ගයක


දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඉල්ලීම් 11ක් මුල් කර ගනිමින් අද පෙරවරු 8 සිට 12 දක්වා සේවයෙන් බැහැර වීමට තීරණයකර තිබෙනවා. කොළඹ සහ මහනුවර ජාතික රෝහල් ඇතුළුව දීප ව්‍යාප්ති රෝහල් 38ක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බව  ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් කියා සිටියා.