Header Ads

උණුසුම් පුවත්

සෞඛ්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය නොකළහොත් ඉදිරියේ දි දැඩි තීරණ ගැනීමට සිදුවනවා


කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් මහජනතාව නිවැරදිව අනුගමනය නොකළහොත් ඉදිරියේ දි දැඩි තීරණ ගැනීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

කොවිඩ් රෝගීන් වැඩිවෙන විට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙය පාලනය නොකරන බවට චෝදනා එල්ලවන බව ද පැවසු ඒ මහතා, මෙය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට හෝ ත්‍රිවිධ හමුදාවට පාලනය කළ හැකි දෙයක් නොවන බවත් කියාසිටියේය.