Header Ads

උණුසුම් පුවත්

හැකි තරම් සංචරණයන්සීමා කරන්න කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් ජනතාවට දැනුම්දීමක්


ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම සැළකිල්ලට ගනිමින් අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් වැළකි සිටිය යුතු බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මහජනතාවට දැනුම්දෙනවා.

පසුගිය දිනක ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ චන්දිම ජීවන්දර මහතා විසින් සොයාගත් එම නව වෛරස ප්‍රභේදය කොළඹ නගරය තුළ ව්‍යාප්තව ඇතිහෙයින් මංගල උත්සව, උපන්දින සාද හා රාත්‍රී සමාජ ශාලා වෙතයාම ආදිය නතර කළ යුතු බවත් හැකි තරම් සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඉවත්ව සිටිය යුතු බවත් එසේ නොවුනහොත් කොළඹ නගරය තුළ වැඩි වශයෙන් කොවිඩ් ව්‍යාප්ත විය හැකි බවටත් අනතුරු අගවා තිබෙනවා.