Header Ads

උණුසුම් පුවත්

ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 756 ක් - වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන්


අද (17) දින උදෑසන වනවිට මෙරටින් කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 756 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

දේශීයව හඳුනාගත් එම සියලු ආසාදිතයින් අතරින් වැඩිම පිරිස හඳුනා ගෙන ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 172 ක්.

අනෙක් ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්.

මෙවන විට මෙරටින් වාර්තාවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 77,184 ක් වන අතර ඊයේ දිනයේ පුද්ගලයින් 1,018 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව ද 70,429 ක් දක්වා ඉහළ ගියා.

ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 89 ක් තුළ පුද්ගලයින් 9,099 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරික්‍ෂණ සංඛ්‍යාව 11,721 ක් වනවා.