ඇතැම් පාර්ශ්ව විවිධ බලපෑම් කරමින් කොවිඩ් එන්නත ලබාගන්නා බවට තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශකර සිටියා.
ඔහු පෙන්වා දෙන්නේ සියලු දෙනාම තමන්ගේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසිල්ලෙන් සිටිය යුතු බවය.
"යම් යම් පුද්ගලයින් විසින් මේ සැලසුමට පිටින් විවිධ බලපෑම් කරලා හැඳුනුම්කම්, තනතුරු භාවිත කරලා එන්නත් ඉල්ලන තත්ත්වකට පත්වෙලා. එන්නත්කරණය සිදුකරන මධ්‍යස්ථානවලට ගිහින් කියනවා අපි සමග එන පුද්ගලයින්ට එන්නත් ලබා දෙන්න කියලා. අපි මේ එන්නත කාටවත් ලබානොදී සිටීමේ බලාපොරොත්තුවක් නෑ. එම නිසා සියලුදෙනාම තමන්ගේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසිල්ලෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා."
ප්‍රමුඛතාව උල්ලංඝණය කරමින් ක්‍රමවේදයකින් තොරව එන්නත ලබාදීම සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, "කාලයත් එක්ක එන සාක්ෂි එක්ක අපිට පළවෙනි එන්නත සහ දෙවනි එන්නත අතර පරතරය පවා වෙනස් කරන්න සිද්ධ වුණා. අපි එන්නතට සැලසුම් කරන අවස්ථාවෙදී ප්‍රමුඛතාවය ලැබිච්ච දේවල්වලට එහා ගිය සමහර අවශ්‍යතාවයන් අපිට පැහැදිලි වුණා," යනුවෙනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදුන් ප්‍රමුඛතා ලැයිස්තුව අනුව එන්නත්කරණය සිදු කරන්නේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන කොවිඩ් මර්දන එන්නත බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.




