කොවිඩ් වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (23) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් හමුවිය.
මෙහිදී පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල පිළිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.
කොවිඩ් වෛරසය පාලනය හා මැඩපැවැත්වීම මූලික කරගනිමින්, පසුගිය කාලය තුල ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙල, පී.සී.ආර් පරීක්ෂණ කටයුතුවල වත්මන් තත්ත්වය, සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය පිළිබදව ද මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය අවධානය යොමු කරන ලදි.
කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළු කාර්ය මණ්ඩලය සහෝදරත්වයෙන්, කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගැටළුකාරි තත්ත්වයන්ගෙන් තොරව කොවිඩ් මර්දන වැඩපිළිවෙල ඉදිරියට ගෙනඒමට හැකි වූ බවත්, ඉදිරියටත් එලෙසින්ම ශක්තිමත් අයුරින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දෙන ලදි.
මෙයට අමතරව ඇයට සුවය ප්‍රාර්ථනා කරමින් විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කරමින් ආශිර්වාද පුද පූජා පවත්වමින් ශක්තිය ලබාදුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුලු සියළු දෙනාට සිය ස්තූතිය පුද කරන බව ද අමාත්‍ය තුමිය පැවසීය.
මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.





