පසුගිය සති දෙක තුළ රුධිර සංචිතවල යම් අඩුවීමක් දක්නට ලැබෙන බව රුධිර පාරවිලයන සේවය නිවේදනය කරනවා. එහි අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ ඒ අනුව ඉදිරි සති දෙක සඳහා රුධිර සංචිත වැඩිකර ගැනීමට යම් සුවිශේෂි ක්‍රියාවලියකට එළඹීමට ජාතික රුධිර පාරවිලයන සේවය තීරණය කර ඇති බවයි.
සෞඛ්‍ය රෙගුලාසි අනුකූලව රුධිර කඳවුරක් සංවිධානය කළ හැකි නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගෙන් ලබාගෙන අඩු අවදානම් කලාපවල දී එය සංවිධානය කළ හැකි බවයි ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍සදහන් කළේ.
ඒ සඳහා රුධිර පාරවිලයනය සේවය සතුව තිබෙන රුධිර මධ්‍යස්ථාන 107ක දී අවස්ථාව හිමිවන බවත් රුධිර දායකයින්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා ජාතික රුධිර පාරවිලයන සේවය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංක 0115332153 / 0115332154 අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.




