ද්විපාර්ශ්වික සාකච්ඡා ඵලදායී විනැයි පාකිස්ථානු නායකයා පවසයි.


දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් මැතිතුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව අද (24) පෙරවරුවෙ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි පාකිස්ථාන අග්රාමාත්යතුමා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.
ජනාධිපතිතුමා සහ පාකිස්ථාන අග්රාමාත්යතුමා දීර්ඝ වේලාවක් ද්විපාර්ශ්වික සබඳතා ගැන සාකච්ඡා කළහ. කතාබහ බෙහෙවින් ඵලදායී විනැයි පාකිස්ථානු නායකයා පැවසීය.
දෙරටේ කෘෂිකර්මාන්තය ප්රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුව පිළිබඳවත් රාජ්ය නායකයෝ දෙදෙනා අදහස් හුවමාරු කර ගත්හ.ගොවියාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන ආකාරයෙන් කෘෂි ආර්ථිකය නගා සිටුවීම සිය ඉලක්කය බව නායකයෝ ප්රකාශ කළහ. පාකිස්ථානයේ කෘෂි ආර්ථිකය බෙහෙවින් ශ්රී ලංකාවට සමාන බව ඉම්රාන් ඛාන් මැතිතුමා සඳහන් කළේය.
පාකිස්ථානය මෙරට අපනයන ක්ෂේත්රයේ ප්රධාන පාර්ශ්වකරුවෙකි. දෙරට අතර වෙළෙඳාම ප්රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ ගැනද ජනාධිපතිතුමා සහ පාකිස්ථාන අග්රාමාත්යතුමා අවධානය යොමු කළහ.
කොවිඩ් වසංගතය මර්ධනය සමග මෙරට සංචාරය සඳහා පාකිස්ථාන ජනතාවට ආරාධනා කළ ජනාධිපතිතුමා දෙරටේ සංචාරක ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්රියාමාර්ග ගැන අදහස් දැක්වීය.
තාක්ෂණික දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්ර කිහිපයක් කෙරෙහි රාජ්ය නායකයෝ අවධානය යොමු කළහ.
පාකිස්ථාන විදේශ කටයුතු අමාත්ය මක්දුම් ෂා මෙහෙමුඩ් කුරේෂි, වාණිජ කටයුතු පිළිබඳ අග්රාමාත්ය උපදේශක අබ්දුල් රසාක් ඩාවුඩ්, විදේශ කටයුතු පිළිබඳ අග්රාමාත්ය විශේෂ සහයක බුකාරි සෙයිඩ් ෂුල්ෆිකාර්, විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමුඩ්, ශ්රී ලංකාවේ පකිස්තාන තානාපති මේජර් ජෙනරල් (විශ්රාමික)මොහොමඩ් සාඩ් කටක් , විදේශ අමාත්ය දිනේෂ් ගුණවර්ධන, පරිවාර අමාත්ය අලි සබ්රි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ අමාත්යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද්විපාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ.





Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ද්විපාර්ශ්වික සාකච්ඡා ඵලදායී විනැයි පාකිස්ථානු නායකයා පවසයි.
ද්විපාර්ශ්වික සාකච්ඡා ඵලදායී විනැයි පාකිස්ථානු නායකයා පවසයි.
bilateral-discussions-prime-minister-imran-khan-president-gotabaya-rajapaksa
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_aW-Bb4ybmvKf1nVELQOyakn6z0TgUybg0IlgnT4mH3LPjLfCN_ZAQUNC01DyhpeuiHblLSzodTOmgs9ROW4dZedacWzmNmklTCtEtnyeUOQ6jfeZ98b_s4i-sSCXmRxhyphenhyphenk1_NE97c3A/s16000/Bilateral+discussions+between+Prime+Minister+Imran+Khan+and+President+Gotabaya+Rajapaksa+%25282%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_aW-Bb4ybmvKf1nVELQOyakn6z0TgUybg0IlgnT4mH3LPjLfCN_ZAQUNC01DyhpeuiHblLSzodTOmgs9ROW4dZedacWzmNmklTCtEtnyeUOQ6jfeZ98b_s4i-sSCXmRxhyphenhyphenk1_NE97c3A/s72-c/Bilateral+discussions+between+Prime+Minister+Imran+Khan+and+President+Gotabaya+Rajapaksa+%25282%2529.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/blog-post_526.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/blog-post_526.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content