Header Ads

උණුසුම් පුවත්

මත්තල සහ කටුනායක ගුවන් තොටුපළ ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තු නිදහස් කිරීමේ කාලය දීර්ඝ කෙරේ


මත්තල සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළවල ගොඩබෑමේ සහ ගුවන් යානා නවතා තැබීමේ ගාස්තු වලින් නිදහස් කිරීමේ සහනය ලබන ජුලි මස 19 වන දා දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. විශේෂිත කාලසටහනකට අනුව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර කුලී ගුවන් ගමන් මෙහෙයුම් දිරිමත් කිරීමේ අරමුණින් පසුගිය වසරේ දෙසැම්බර් මස 21 වන දා රජය විසින් මෙම සහනය ලබාදෙනු ලැබුවා.