කුමන තත්ත්වයක් යටතේ වුව ද ජනතා සහන කප්පාදු කරන්නේ නැහැ


කුමන තත්ත්වයක් යටතේ වුව ද ජනතා සහන කප්පාදු කිරීමට රජය සූදානම් නැතැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. එමෙන්ම, එදා යහපාලන සමයේ දී වැඩිහිටි දීමනාව පවා කප්පාදු කිරීමට කටයුතු කළ කණ්ඩායම් අද ආර්ථිකමය වශයෙන් බංකොලොත් භාවයට පත්ව ඇතැයි චෝදනා නැඟීම හාස්‍යට කරුණක් බව හෙතෙම පෙන්වා දෙයි. ඒමහතා මේ බව කියා සිටියේ පසුගිය දා  උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

මෙහි දී 2021 අයවැය යෝජනා යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක වන විවිධ ණය වැඩසටහන් සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙම උත්සවයේ අරමුණ වී තිබේ. එමෙන්ම, ක්‍ෂුද්‍ර මුල්‍ය ආයතන මඟින් අධික පොළී අනුපාත යටතේ ණය ලබා ගැනීමට ජනතාව යොමුවීම වැළක්වීමේ අරමුණෙන් සමෘද්ධි ප්‍රජා මුල සංවිධාන වෙත රුපියල් ලක්ෂ තුනක මුදලක් නිකුත් කිරීමට අදාළව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

උත්සවයේ දී අදහස දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා;
“අනුරාධපුර දිස්ත්‍රික්කයේ 700 කට ආසන්න ග්‍රාම සේවා වසම් ප්‍රමාණයක් තිබෙනවා. මුල් පියවර විදියට අපි එක සමෘද්ධි ප්‍රජා මුල සංවිධානයකට රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා දෙනවා. ඒ මුදල නිසි පරිදි කළමනාකරණය කිරීම පිලිබඳ පුහුණුවකුත් ලබා දෙනවා. ඒ නිසා ගමට ඇවිත් දවසට 1% පොළියට ණය දෙන ක්‍ෂුද්‍ර මුල්‍ය සමාගම් නියෝජිතයින්ට අද සිට ජනතාවට ණය දෙන අවස්ථාව අඩුවෙනවා, ඊට වඩා විශ්වාසවන්ත, රජය වගකියන පිරිසක් වන ඔබ ඒ වෙනුවෙන් අපි සුදානම් කර තිබෙනවා.”

පවතින ගෝලීය වසංගතය හමුවේ ඊට සාර්ථකව මුහුණ දෙන අතරේ ජනතාව වෙනුවෙන් ලබා දෙන කිසිඳු සහනයක් කප්පාදු නොකරන බවත්, මෙම ලක්ෂ තුනේ ණය මුදල ලබා දීම සම්බන්ධව සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට ලබා දීමට තීරණය කොට ඇති බවත්, ගම්වල සිටින අහිංසක ජනතාවට රුපියල් 5,000 ක හා රුපියල් 10,000 ක ණය මුදලක් බැංකුවකට නොගිහින් ලබා ගැනීමට මෙමඟින් අවස්ථාව ලැබෙන බවත් මෙහි දී සඳහන් කරන ලදුව, සමෘද්ධි සහනාධාරය ලබා දීම සඳහා රුපියල් බිලියන 54 ක මුදලක් වෙන් කර තිබෙන බවත්, ආණ්ඩුව විසින් මේ වන විටත් මෙරට ගොවියා අතට මුදල් යන ආකාරයෙන් වී මිල දී ගැනීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇති බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 16,500 කට වැඩි මුදලක් ද වෙන් කොට තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙම අවස්ථාවට සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. වසන්ත, දිස්ත්‍රික් සමෘද්ධි සහකාර අධ්‍යක්ෂ මහිනද් වීරකෝන් යන මහත්වරු ඇතුළු නිළධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කුමන තත්ත්වයක් යටතේ වුව ද ජනතා සහන කප්පාදු කරන්නේ නැහැ
කුමන තත්ත්වයක් යටතේ වුව ද ජනතා සහන කප්පාදු කරන්නේ නැහැ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJ-ZRLnV78y1DaJxNzzUVNz0wME0_-Ynxt2GNlOGOQl3m9QihVm7TOjY9bhKQGD_AndcXaGYC1DQ2AQOligXSLNRBB7nCctLeKTNiPNlPCtuShKxadiirTlLAqbBSmERjkBX6JpftPrkU/s16000/shehan.semasinghe.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJ-ZRLnV78y1DaJxNzzUVNz0wME0_-Ynxt2GNlOGOQl3m9QihVm7TOjY9bhKQGD_AndcXaGYC1DQ2AQOligXSLNRBB7nCctLeKTNiPNlPCtuShKxadiirTlLAqbBSmERjkBX6JpftPrkU/s72-c/shehan.semasinghe.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/blog-post_72.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/blog-post_72.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content