Header Ads

උණුසුම් පුවත්

කොරෝනා මරණ 06ක් - සම්පූර්ණ මරණ ගණන 390ක්

ඊයේ (13) කොවිඩ් ආසාදිත මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව මේවන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සම්පූර්ණ මරණ ගණන 390ක් දක්වා ඉහළගියා.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි කාන්තාවක්, හබරාදූව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි කාන්තාවක්, මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නාරංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුයි.