සෞඛ්‍ය අංශ පවසා සිටියේ ඉයේ (15) සිට එන්නත් කාඩ්පත නොමැති මන්නාරම් ප්‍රදේශවාසීන්ට මුහුදු යෑම සහ පොදු ස්ථානවල ගැවසීම තහනම් කෙරෙන බවයි.
මන්නාරමේ 14 දින පැවැති කොවිඩ් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර ධීවර කටයුතුවලට යන ධීවරයන්ගේ සහ පොදු ස්ථානවල ගැවසෙන පුද්ගලයන්ගේ එන්නත් කාඩ් පත පොලිස් මුරපොළවල් සහ ධීවර තොටුපළවල්වලදී අද සිට දැඩි ලෙස පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත .
මන්නාරම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්.විනෝදන් මහතා පැවසුවේ එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන නැති පුද්ගලයන් සොයා ගැනුණහොත් ඔවුන් කොරෝනා පරීක්ෂණවලට යොමු කර එහි ප්‍රතිඵල මත නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට පියවර ගන්නා බවයි.
මන්නාරමේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත බැස ඇති බවත් දිවයිනේ අඩුම කොවිඩ් මරණ සංඛ්‍යාව වන මරණ 38 ක් වාර්තා වී ඇත්තේද මන්නාරමෙන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.