ශ්‍රී ලංකාව නිතර භූ කම්පනවලට මුහුණ දෙන රටක් නොවුන ද ඉන්දුනීසියාව අවට සිදුවන භූ කම්පන හේතුවෙන් සුනාමි තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ පවතින බව ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙන මහත්මිය පවසයි.
එහෙත් 2004 වර්ෂයට වඩා සුනාමි තත්ත්වයකට සාර්ථක ව මුහුණ දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවේ දී ඇය කියා සිටියා .
ශ්‍රී ලංකාව තුළ දැනට මහන්දරාව, හක්මන පල්ලෙකැලේ සහ බුද්ධංගල යන ප්‍රදේශවල ස්ථාවර භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථාන හතරක් තිබෙන අතර නව භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය බස්නාහිර පළාතේ පිහිටුවීමට තීරණය කර ඇත.
"අපි දැනටම ඒ ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් සවි කරන්න චීන රජය සමග සාකච්ඡා පවත්වමින් යනවා.ඒ වගේම ප්‍රධාන භූමිකම්පාවක් එන කතාවක් කිව්වොත් අපේ භූ විද්‍යාත්මක පිහිටීම අනුවත් විද්‍යාඥයින් සිදු කර ඇති අධ්‍යයවලට අනුවත් මේ ප්‍රදේශයේ විනාශකාරී ලොකු භූමිකම්පාවක් වෙනවා කියලා කොහෙවත් අනාවැකි කියලා නෑ.
ඒ අනුව මෙරට පස්වන භූ කම්පන මැනීමේ මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා විශාල මුදලක් වැය කරන අතර ඒ සඳහා අවශ්‍ය මූලික පියවර දැනටමත් ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.