කොළඹ නගරයේ ජීවත්වන වයස අවුරුදු 20 සිට 29 දක්වා වූ තරුණ ජනගහනයෙන් වැඩි පිරිසක් කොවිඩ් එන්නත ලබාගෙන නොමැති බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි පවසනවා.
ඔහු කියා සිටියේ මෙම වයස් කාණ්ඩයේ බහුතර පිරිස එන්නත ලබා ගැනීමට අකමැති බවයි.
කොළඹ නගර සීමාව තුළ තරුණ පිරිස 97,000 ක් සිටින අතර මේ දක්වා එන්නත ලබාගෙන ඇත්තේ 20% ක් පමණක් බව ඔහු පැවසුවා
මෙය බරපතල ලෙස සැලකිලිමත් විය යුතු කරුණක් වන බව පැවසූ ඒ මහතා මෙතෙක් එන්නත් ලබාගෙන නොමැති පුද්ගලයින් තමන්ව පමණක් නොව අනෙක් අයද අනතුරේ හෙළමින් සිටින බව අවධාරණය කළා
මේ හේතුවෙන් එවැනි පුද්ගලයින්ට තවදුරටත් ප්‍රමාදයකින් තොරව එන්නත ලබා ගන්නා මෙන් අ ඉල්ලා සිටින බවද වෛද්‍ය විජේමුණි වැඩිදුරටත් පැවසුවා
කොවිඩ් එන්නත හේතුවෙන් වඳභාවය සහ ලිංගික දුබලතා ඇතිවන බවට මිථ්‍යාවන් පැතිර යාම හේතුවෙන් තරුණ පරම්පරාව තුළ එන්නත ලබා ගැනීමට පසුබෑමක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළා
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.