බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසුවේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරවීමට අකමැතිවූ නිසා තමා රාජ්‍ය ඇමැති ධූරයෙන් ස්වකැමැත්තෙන් ඉවත්වූ බවයි.
හෙතෙම සඳහන් කළේ බන්ධනාගාරය තමාට බාරදෙන විට එය තිබුණේ ලොකු ගිනි ගොඩක බවය. එම ගිනි ගොඩ කෙටි කලකදී නිවා දමා බන්ධනාගාරය යම් ස්ථාවර තැනකට ගෙන ඒමට තමාට හැකිවූ බවත් එහෙයින් තමා මෙම රාජ්‍ය ඇමැතිධුරයෙන් ස්වකැමැත්තෙන් සමු ගන්නේ ඉතාම සතුටින් බවද රත්වත්තේ මහතා සඳහන් කළේය.
තමා සම්බන්ධයෙන් පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා නිසා ආණ්ඩුව අපහසුතාවයට පත්වේයැයි සිතු හෙයින් තමා එම රාජ්‍ය ඇමැති ධූරයෙන් ස්වකැමැත්තෙන් ඉවත් වුවත් මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ධුරයේ දිගටම කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
තමා ගැන විශ්වාසය පළ කර බන්ධනාගාර අමාත්‍යාංශය තමාට බාරදීම ගැන ජනාධිපතිවරයාට හදවතින් ස්තුතිය පුද කරන බවත් තමා එම ඇමැති ධුරය දැරූ කාලයේදී තමාට සහයෝගය දැක්වූ සියලු නිලධාරීන්ට සහ අනිකුත් සියලු දෙනාටද ස්තූතිය පුද කරන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.