කාබනික පොහොර බව කියමින් චීනයේ වැසිකිළි සහ නාගරික අපද්‍රව්‍ය මෙරටට ගෙන්වා මධ්‍යම කඳුකරය විනාශ කිරීමට රජය සැරසෙන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ මිලියන 63.7ක් වියදම් කර මෙම අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 96,000ක් කාබනික පොහොර ලේබලය ගසා මෙරටට ආනයනය කිරීමට සැරසෙන බවයි.
මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල මහ කන්නයට අවශ්‍ය මූලික පොහොර අවශ්‍යතාවට වඩා වැඩි මුදලක් මෙම චීන කුණු ගෙන්වීම සඳහා වැය කරන බවයි වාර්තා වන්නේ.
පර්‍යේෂණාගාර තුනක් විසින් චීනයෙන් ගෙන්වන පොහොර පරීක්ෂා කර ඒවායේ බැක්ටීරියා අඩංගු බවත් ගොවිබිම්වලට නොයෙදිය යුතු බවත් පැවසුවද චීන රසායානාගාර සහතිකයක් පෙන්වා මෙම කුණු රට තුළ බෙදාහැරීමට සූදානම් වන බව මන්ත්‍රීවරිය පවසනවා.
"මහ කන්නය දැන් ආරම්භ වෙලා තියෙනවා.මිනිස්සුන්ට වී ටික විකුණගන්න විදියක් නෑ. එළවළු ,ගොයම් කෘමිනාශක නැතුව විනාසයි.පොහොර ටික නැතුව උඩරට ගොවියෝ කඳු කන්නයේ බිම කොටන්නේ නෑ."
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියේ අසූචි විකුණා හෝ මුදල් හොයන ගජ මිතුරු කණ්ඩායමේ උත්සාහය පරාජය කළ යුතු බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.