විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට පැමිණීමේදී පෞද්ගලික පරිහරණය සඳහා රැගෙන එන භාණ්ඩවලට නව සීමාවන් පනවා නොමැති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා.
පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකු විසින් භාණ්ඩ වර්ග 623ක් ආනයනය කිරීම සඳහා පැනවූ කොන්දේසි ආනයනකරුවන් සඳහා පමණක් පනවා ඇති බවත් ඇතැම් පුද්ගලයන් එය වරදවා වටහාගෙන ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා පවසයි.
ඒ අනුව ආහාර පාන වර්ග මෙන්ම විද්‍යුත් උපකරණ ද පෞද්ගලික පරිහරණය සඳහා රැගෙන ඒමට පෙර පැවති සීමාවන් හැර මෙම නව සීමා ගැටලුවක් නොවන බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.