ලබන ඔක්තෝබර් මස මුල දක්වා රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා තිබේ.
විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙන්නේ නිරෝධායන ඇඳිරිනීතිය කඩිනමින් ලිහිල් කළහොත් භයානක ප්‍රතිඵලවලට මුහුණදීමට සිදුවනු ඇති බවයි.
ආසාදිතයින්, ඔක්සිජන් අවශ්‍යතාව හා මරණ වාර්තාවීම අඩුවක් දක්නට ලැබුණ ද එය නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ ආරම්භක අවස්ථාවේ ප්‍රතිඵල පමණක් බවත් ඔවුන් පෙන්වා දෙති.
විශේෂඥා වෛද්‍යවරු එහිදී වැඩි දුරටත් පැවසුවේ රට ‘කොවිඩ්’ රතු කලාපයේ සිට කොළ කලාපය දක්වා රැගෙන ඒම සිය සංගමයේ ඉලක්කය බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.