Header Ads

උණුසුම් පුවත්

සිවිල් ආරක්ෂක නිලධාරීන් 25කට කොරෝනා


අම්පාර, පහළ ලන්ද සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සෙබළුන් 25 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව එම කඳවුරේ සියලුම සෙබළුන් ස්වයං නිරෝධායනයට ලක් කර කඳවුර වසාදමා ඇති බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර ජා - ඇල ප්‍රාදේශීය සභාවේ සේවකයින් 9 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා.ඒ අනුව ජා-ඇල ප්‍රාදේශිය සභාව සති දෙකක කාලයක් සඳහා වසා තැබීමට පියවර ගෙන ඇති අතර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව ජා-ඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි විජේසිංහ මහතා සඳහන් කළේය.

එමෙන්ම කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, ලේකම්වරයා ඇතුළු 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබවට තහවුරුවී තිබෙනවා. කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී.ගුණතිලක සඳහන් කළේ ඒ අනුව තාවකාලිකව ප්‍රාදේශීය සභාව දින 21 ක කාලයක් වසා දැමීමට කටයුතු කළ බවයි.