Header Ads

උණුසුම් පුවත්

පාස්කු කොමිසම් වාර්තාවේ පිටපතක් කාදිනල් හිමියන් ඉල්ලයි


පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳ කඩිනමින් තමා දැනුවත් කරන්නැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අගරදගුරු පදවි, මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමන්  සඳහන් කළේ ජනාධිපතිවරයා වෙත ඒ පිළිබඳව මේ වනවිට ලිඛිතව දන්වා ඇති බවයි.  

2019 අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ඉකුත් 01 වනදා කොමිසමේ සාමාජිකයින් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබුවා.

අනතුරුව පසුගිය නිදහස් සමරු උළෙලේ දී ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ එම අවසන් වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමා පියවර ගන්නා බවය.