Header Ads

උණුසුම් පුවත්

වතු කම්කරු වැටුප ඉහළ නැංවීම ගැන අගමැතිට පැසසුම්


වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට වැටුප් මණ්ඩලයේ දී ඊයේ අනුමත වුණා.ඒ අනුව, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, උප සභාපති සෙන්දිල් තොණ්ඩමන්, භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රාමේෂ්වරන් ඇතුළු පිරිස ඊයේ විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසට ගොස් ප්‍රශංසා පළ කර තිබෙනවා. වතු කම්කරුවන් වෙනුවෙන් රුපියල් 900 ක දෛනික වැටුපක් සහ රුපියල් 100 ක දීමනාවක් ලබාදීමට වැටුප් මණ්ඩලය ඊයේ අනුමැතිය ලබාදී තිබෙනවා.