Header Ads

උණුසුම් පුවත්

දෛනිකව මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තාවෙයි


දෛනිකව මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සටහන් කරමින් ඊයේ ආසාදිතයින් 976 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 71,211 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 67,200 ක් දක්වා ඉහළ ගියා. දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 5,788 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් 912 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 65,053 ක්, එමෙන්ම, තවත් කොරෝනා මරණ 05 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 370 දක්වා ඉහළ ගියා. මේ අතර, ලබන මාසය වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 57 කට කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා. සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී අමාත්‍යවරයා ඊයේ මේ බව ප්‍රකාශ කළා.