Header Ads

උණුසුම් පුවත්

වී.ජ.මු ලොකුබණ්ඩාර IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට


කොරෝනා වෛරසය ආසාදනය වූ හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර මහතා අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පෙරේදා (06) රාත්‍රියේ සිට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

මේ අතර අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා.